ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථාකර තිබෙනවා.
මේ අතර පාකිස්ථාන හමුදා විසින් ඉන්දීය ජෙට් යානා දෙකක් සහ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා ඇති බවට පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇති අතර ඉන්දියාව විසින් එය තවමත් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ.
පාකිස්තාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ මුසෆරාබාද්හි පිපිරීම් හඬවල් ඇසෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් වෙත ලිපියක් නිකුත් කරමින් පාකිස්ථාන අගමැතිවරයා සඳහන් කර ඇත්තේ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්ථානයට අයිතියක් ඇති බවත් ප්‍රහාරයක් දියත් කිරීම සඳහා මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් සිටින බවත්ය.
පාකිස්තාන් හමුදා ඉන්දීය ජෙට් යානා දෙකක් හා ඩ්‍රෝන යානයක් වෙඩිතබා බිම හෙලයි
By