ඉන්දු – පාකිස්ථාන යුද ගැටුම් හේතුවෙන් තීව්‍රවීමත් සමග තාවකාලිකව නවතා දැමූ අයි.පී.එල් තරගාවලිය මැයි මස 16 වන දිනට පෙර නැවත ආරම්භ කළ හැකි බව ඉන්දීය ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
එලෙස ආරම්භ කරන්නේ නම් මෙවර තරගාවලියේ අවසන් මහා තරගය මැයි 25 සිට මැයි 30 දක්වා මාරු කිරීමට අවස්ථාව පවතින බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ.
යළිත් ඉන්දියාවට පැමිණීමට එම ක්‍රීඩකයින් බොහෝ දෙනෙක් සිය අකමැත්ත පළකිරීමත් සමඟ තරගාවලිය සඳහා එක්කරගෙන සිටි විදෙස් ක්‍රීඩකයින් සම්බන්ධයෙන් කණ්ඩායම් රැසක් මේ වනවිට ගැටළුකාරී තත්ත්වයට මුහුණ දී ඇති බව වාර්තා වනවා.
ඒ අතර, මෙවර තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක්; තරඟාවලිය නැවත ආරම්භ වුවහොත් යළි ඉන්දියාවට නොඑනු ඇති බව ඔහුගේ කළමණාකාරවරයා පවසනවා.
ඊට අමතරව හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ පැට් කමින්ස් සහ ට්‍රැවිස් හෙඩ් ද යළි ඔවුන්ගේ මව්රටට ගොස් ඇති අතර, ඔවුන්ද යළි ඉන්දියාවට පැමිණීම නොහැකි බව දන්වා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
තවද තරගාවලිය සඳහා එක්ව සිටි නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ද ඔහුගේ රටවල් වෙත දැනටමත් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
විදෙස් ක්‍රීඩකයින් එන්න බෑ කියයි - IPL ආයෙත් ගැටලුවක
By