ඉරානයේ ආගමික නායකයත්වය විසින් වසර 40 කට පෙර ඉස්ලාමීය ක්‍රමය ආරක්ෂා කිරීමට සහ ඔවුන් සම්පූර්ණයෙන්ම විශ්වාස නොකරන එරට නිත්‍ය හමුදාව පාලනය කිරීමටත් විප්ලවවාදී ආරක්ෂක බලකාය නිර්මාණය කළහ.

190,000 කට අධික ක්‍රියාකාරී කාර්ය මණ්ඩලයක් සහ තමන්ගේම ගොඩබිම්, නාවික සහ ගුවන් හමුදාවක් සහිත විප්ලවවාදී ආරක්ෂක බලකාය, රටේ බලවත්ම සහ වඩාත්ම බිය ගෙන දෙන හමුදා සහ දේශපාලන බලවේල වලින් එකකි.

ඉරාන හමුදාව රට ආරක්ෂා කරන අතර, විප්ලවවාදී ආරක්ෂකයින් පාලක තන්ත්‍රය ආරක්ෂා කරයි.

කණ්ඩායම උත්තරීතර නායකයාට පමණක් ඍජුව වාර්තා කරන බැවින්, එහි බලය අනෙකුත් ආයතන විසින් පහසුවෙන් පරීක්ෂා නොකෙරේ.

එය ඉරානයේ උපායමාර්ගික අවි සහ විරෝධතා මර්දනය කිරීම සඳහා බොහෝ විට භාවිතා කරන බසීජ් බලකාය පාලනය කරයි.

ඉරාන ආර්ථිකයෙන් තුනෙන් එකක් පමණ පාලනය කිරීමට විප්ලවවාදී ආරක්ෂකයින් අනුබද්ධිත සමාගම් සහ භාරකාර ආයතන මාලාවක් හරහා කටයුතු කරන බව සැලකේ. ඉදිකිරීම් සහ ඉංජිනේරු කොන්ත්‍රාත්තු සඳහා ඩොලර් බිලියන ගණනක අයිතියක් ද ඔවුන් සතුව ඇත.

මැද පෙරදිග, මෙම කණ්ඩායම මිත්‍ර පාක්ෂික රජයන්ට මුදල්, ආයුධ, තාක්ෂණය, පුහුණුව සහ උපදෙස් ලබා දෙමින් සහාය දක්වයි.

විප්ලවවාදී ආරක්ෂක හමුදාවේ ඇතැම් ඉහළ සාමාජිකයින් ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලෙබනනය, පලස්තීනය සහ යේමනය වැනි ස්ථානවල ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායම් සමඟ කටයුතු කරන රහසිගත කුඩ්ස් බලකාය පවත්වාගෙන යයි.

හිටපු විප්ලවවාදී ආරක්ෂක නිලධාරීන් තවමත් ඉරාන රජයේ සහ දේශපාලනයේ වැදගත් තනතුරු දරන අතර, ඒ අතර හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් සහ හිටපු පාර්ලිමේන්තු කථානායක අලි ලරිජානි ද වේ.

- BBC