කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව, 2025 දෙසැම්බර් 4 වන දින සිට බලපැවැත්වෙන පරිදි නව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය (ඉංජිනේරු) කේ. වලිගේපොලගේ මහතා පත් කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරයා වන අයි. පී. ඒ. ගුණසේකර මහතා එම දිනයේදීම රජයේ සේවයෙන් විශ්‍රාම යනු ඇත. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ 3 වන කාණ්ඩයේ සිවිල් නිලධාරියකු වන ආචාර්ය වලිගේපොලගේ මහතා දැනට දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු ලෙස සේවය කරයි.
වාරිමාර්ග දෙපාතමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්.
By