නේපාලයේදී පාතාල ක්‍රියාකාරකම් සැකකාරියක් වන ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම, ශ්‍රී ලංකා පොලිසිය විසින් නේපාල නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව සිදු කරන ලද දින තුනක ජාත්‍යන්තර මෙහෙයුමක ප්‍රතිඵලයක් බව බලධාරීන් පැවසූහ.

පෙබරවාරි මාසයේ දී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී පාතාල චරිතයක් වන ගනේමුල්ල සංජීව ඝාතනයට අධාර උපකාර කරන ලද සෙව්වන්දි නැමැත්තිය කත්මණ්ඩු අසල භක්තපූර් දිස්ත්‍රික්කයේ සුඛෝපභෝගී නිවසක සැඟවී සිටියදී සොයා ගන්නා ලදී.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල සහ පොලිස් පරීක්ෂක ගිහාන් ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් පෑලියගොඩ අපරාධ අංශයේ විශේෂ කණ්ඩායමක්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ රහස් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ උපදෙස් පරිදි නේපාලයට ගොස් ඇය සිටින ස්ථානය සොයා ගැනීමට නිලධාරීන් නේපාල පොලිසිය සමඟ කටයුතු කල අතර මාස කිහිපයකට පෙර සෙව්වන්දි ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ඇති බවට බුද්ධි අංශ තහවුරු කර තිබුනි.

පොලිසිය පැවසුවේ සෙව්වන්දි “ජේකේ බායි” නමින් හැඳින්වෙන අයෙකුගේ සහාය ඇතිව ශ්‍රී ලංකාවෙන් බෝට්ටුවකින් ඉන්දියාවට හොර රහසේ ගෙන යන ලද බවයි. ඉන්දියාවේ සිට ඇය නේපාලයට දුම්රියෙන් ගමන් කළ අතර එහිදී ඇය ව්‍යාජ අනන්‍යතාවයක් යටතේ ඉහළ පෙළේ කුලියට ගත් නිවසක ජීවත් වූවාය.

කෙහෙල්බද්දර පද්මේ පාතාල කල්ලියේ සහකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව මෙම තොරතුරු අනාවරණය කර ගන්නා ලද අතර, ඔහු සෙව්වන්දි සිටින ස්ථානය හෙළි කළේය. එම ඔත්තුව මත ක්‍රියාත්මක වූ සහකාර පොලිස් අධිකාරී ඔලුගලගේ කණ්ඩායම සඳුදා රාත්‍රියේ නිවස වැටලීමට නේපාල නිලධාරීන් සමඟ සම්බන්ධීකරණය විය.

මුහුණට මුහුණ හමු වූ විට, සෙව්වන්දි කිසිදු විරෝධයකින් තොරව යටත් වූ බව වාර්තා වන අතර, මෙම වැටලීමේදී ජේ.කේ. බායි ඇතුළු තවත් සිව්දෙනෙකු ද අත්අඩංගුවට ගන්නා ලදී.

පරීක්ෂණවලින් තවදුරටත් හෙළි වූයේ සෙව්වන්දි ඇයට සමාන යාපනයේ කාන්තාවකගේ නමින් සකස් කරන ලද ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් යුරෝපයට පලා යාමට සැලසුම් කර ඇති බවයි. මෙහෙයුම අතරතුර, "ගම්පහ බබා" ලෙස හඳුනාගෙන ඇති කල්ලියේ සාමාජිකයෙකු ශ්‍රී ලංකා නිලධාරීන්ට රුපියල් මිලියන 5 ක අල්ලසක් ලබා දුන් බවට චෝදනා එල්ල වූ අතර එය ප්‍රතික්ෂේප කරන ලදී.

සැකකරුවන් ශ්‍රී ලංකාවට රැගෙන ඒ්මට කටයුතු කරන තෙක් නේපාල බලධාරීන්ගේ භාරයේ පවතී.


- Newswire