ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරී හොසේන් සලාමි ඝාතනය කිරීම ඉරාන රාජ්‍ය මාධ්‍ය විසින් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

“ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී මේජර් ජෙනරාල් හොසේන් සලාමි, ඊශ්‍රායල පාලන තන්ත්‍රය විසින් IRGC මූලස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් දිවි පිදූ බව” එම මාධ්‍ය වාර්ථා තහවුරු කරයි.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදාව රටේ දිව්‍යාණ්ඩුව තුළ ප්‍රධාන බල මධ්‍යස්ථානයකි. එය ඉරානයේ බැලස්ටික් මිසයිල අවි ගබඩාව ද පාලනය කරයි.

සලාමිට අමතරව, ඉරානයේ හමුදා ප්‍රධානියා වන මොහොමඩ් බගෙරි, හමුදාවේ ඉහළ පෙළේ අනෙකුත් සාමාජිකයින් සහ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඉරානයට එල්ල කරන ලද ආරම්භක ප්‍රහාරවලින් මිය යන ලද බව ඊශ්‍රායලය විශ්වාස කරයි.