ඉරානය සහ ඊශ්‍රායලය සම්පූර්ණ සටන් විරාමයකට එකඟ වී ඇති බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

සඳුදා ට්‍රම්ප්ගේ නිවේදනය නිකුත් වූයේ ඇමරිකානු හමුදා රැඳී සිටින කටාර්හි අල් උඩෙයිඩ් ගුවන් කඳවුරට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ටික වේලාවකට පසුවය.

"සියල්ල සිදුවිය යුතු පරිදි, එය එසේ වනු ඇතැයි යන උපකල්පනය මත, 'දින 12 යුද්ධය' ලෙස හැඳින්විය යුතු දෙය අවසන් කිරීමට ශක්තිය, ධෛර්යය සහ බුද්ධිය ලබා දීම ගැන මම ඊශ්‍රායලය සහ ඉරානය යන දෙරටටම සුබ පතමි," ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් පැවසීය.