සිකුරාදා දින ඉරානය විසින් ඊශ්‍රායලය දෙසට ඩ්‍රෝන යානා 100ක් පමණ දියත් කර ඇති අතර ඊශ්‍රායල විසින් ගුවන් ප්‍රහාර රැල්ලකින් පසුව ඒවා වෙඩි තබා බිම හෙළීමට උත්සාහ කරන බවත් ඊශ්‍රායල හමුදාව පැවසීය.
“ඉරානය ඊශ්‍රායල භූමිය දෙසට යූඒවී යානා 100ක් පමණ දියත් කළ අතර, ඒවා අල්ලා ගැනීමට අපි කටයුතු කරමින් සිටිමු,” හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් එෆී ඩෙෆ්රින් විදෙස් මාධ්‍යවේදීන්ට පැවසීය.
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින්, ඉලක්ක 100ක් පමණ විනාශ කිරීමට ප්‍රහාරක ජෙට් යානා 200ක් සම්බන්ධ වූ බව ඔහු තවදුරටත් පැවසීය.
තමන් රැස් කරගත් බුද්ධි තොරතුරුවලින් පෙනී ගියේ ඉරානය එහි න්‍යෂ්ටික වැඩසටහනේ “ආපසු නොපැමිණීමේ ලක්ෂ්‍යයට” ළඟා වෙමින් සිටින බව ඔහු පැවසීය.
සිකුරාදා ඊශ්‍රායලය විසින් සිදුකරන ලද මාරාන්තික ප්‍රහාරයෙන් ප්‍රධාන පිරිපහදු සහ ඉන්ධන ගබඩාවලට කිසිදු බලපෑමක් සිදු නොවූ බවත්, මෙහෙයුම් බාධාවකින් තොරව රට පුරා අඛණ්ඩව සිදුවන බවත් ඉරාන තෙල් අමාත්‍යාංශය පැවසීය.
අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිකුරාදා ප්‍රකාශ කළේ ඉරානයට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාර රැල්ල “ඉතා සාර්ථක” බවත්, ඒවා ඉරානයට එරෙහි පුළුල් යුධමය ක්‍රියාමාර්ගයක ආරම්භකය පමණක් බවත් අනතුරු ඇඟවීය.
“අපි ඉතා සාර්ථක ආරම්භක ප්‍රහාරයක් සිදු කළ අතර, දෙවියන්ගේ උපකාරයෙන් අපට තවත් බොහෝ දේ අත්කර ගත හැකිය,” නෙතන්යාහු වීඩියෝ ප්‍රකාශයකින් පැවසීය. ඉරානයට එල්ල කරන ප්‍රහාර "දින ගණනාවක්" අඛණ්ඩව පවතින බව ඔහු මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
ටෙහෙරාන් සහ න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඇතුළුව සිකුරාදා රටට මාරාන්තික ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායලය දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇතැයි ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි අනතුරු ඇඟවීය.
ඉරානය විසින් ඊශ්‍රායලයට ඩ්‍රෝන යානා 100ක් පමන යොදා ගනිමින් ප්‍රහාරයක්
By