ඉරානය තම පළිගැනීමේ ප්‍රහාර දිගටම කරගෙන ගියහොත් "ටෙහෙරානය ගිනි ගනීවි" යැයි ඊශ්‍රායලය අනතුරු අඟවා ඇත. එලෙසම ඉරානය විසින් තමන් ඊශ්‍රායලය දෙසට යොමුකරන මිසයිල වෙඩි තබා බිම දැමීමට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

සෙනසුරාදා දින "ඊශ්‍රායලයේ පුරවැසියන්ට සිදු කරන ලද දරුණු හානියට ඉරාන පුරවැසියන් දැඩි මිලක් ගෙවනු ඇති" බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය කැට්ස් පැවසීය: "කමෙයිනි ඊශ්‍රායල ගෘහ පෙරමුණට මිසයිල ප්‍රහාර දිගටම එල්ල කළහොත්, ටෙහෙරානය ගිනි ගනීවි."

ඊශ්‍රායලය ඉරානයේ න්‍යෂ්ටික සහ හමුදා ව්‍යුහයේ හදවතට ප්‍රබල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු සෙනසුරාදා අලුයම දෙරට මිසයිල සහ ගුවන් ප්‍රහාර මගින් එකිනෙකා ඉලක්ක කර ගත්හ.

ටෙහෙරානයේ ඊශ්‍රායල ප්‍රහාර නැවැත්වීමට උදව් කළහොත් කලාපයේ ඔවුන්ගේ කඳවුරු සහ නැව් ඉලක්ක කරන බවට ඉරානය එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශයට අනතුරු අඟවා තිබේ.