පෙරදී සිදුකරන ලද ප්‍රහාරවලින් මියගිය ප්‍රධාන අණදෙන නිලධාරියෙකු වෙනුවට, හමුදා මාණ්ඩලික ප්‍රධානියා වශයෙන් පත් කිරීමෙන් දින කිහිපයකට පසු අලි ෂඩ්මානි ඊයේ රාත්‍රීයේ ඊශ්‍රායලය විසින් සිදුකරන ලද ප්‍රහාර මගින් මරා දමන ලද බව විදෙස් මාධ්‍ය වාර්ථා කර ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට ලැබුණු “නිශ්චිත බුද්ධි තොරතුරු” සහ “අඟහරුවාදා ලැබුණු හදිසි අවස්ථාවක්” අනුව, ඊශ්‍රායල ගුවන් හමුදාව ටෙහෙරානය මධ්‍යයෙහි හමුදා මණ්ඩල අණදෙන මධ්‍යස්ථානයකට පහර දී අලි ෂඩ්මානි මරා දමන ලද බව” බව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ෂඩ්මානිගේ මරණය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ප්‍රකාශයන් පිළිබඳව ඉරානය තවමත් අදහස් දක්වා නොමැත.

ඉරානයට එල්ල කළ ඊශ්‍රායලයේ මුල් ප්‍රහාරවලින් ඔහුගේ පූර්වගාමියා වූ ලුතිනන් ජෙනරාල් ගෝලාම් අලි රෂීඩ් ඇතුළු ඉහළ පෙළේ අණදෙන නිලධාරීන් කිහිප දෙනෙකු මිය ගිය පසු සිකුරාදා සිට ෂඩ්මානි එම තනතුරට පත්විය.

රෂීඩ් සහ ෂඩ්මානි නිත්‍ය හමුදාව සහ ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක හමුදාව අතර සම්බන්ධීකරණය කරන ආයතනයක් වන කටම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයට නායකත්වය දුන්හ.