ජනතා බලය මුළු ලෝකයේම ශක්තිමත් බලය බවත් එය තේරුම් ගැනීම අනිවාර්යයෙන්ම සිදුවිය යුතු බව ආණ්ඩුවට මතක් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කුරුණෑගලදී පැවැති ජනහමුවකදී පැවැසීය.
නඩු දැමීම අලුත් දෙයක් නෙවෙයි. 2015-2019 කාලයේ එය හොඳින් අත් වින්දා. හිරගෙවල් පුරවලා සදාකල් බලයේ සිටීමට ආණ්ඩුව සිතන්නේ නම් ඒක විහිළුවක්. හිරගෙවල් පිරෙව්වා කියලා ප්‍රශ්න යට ගහන්න බැහැ. ජනතාව දැන් දන්නවා වැඩ කරන්න බැරි නිසයි මේ වගේ දේවල් කරන්නේ කියලා. ආණ්ඩුව කරන්නේ ගැලරිය චූන් කරන වැඩක් කියන එක ජනතාව අවබෝධ කර ගනිමින් ඉන්නවා. ඒකයි මැතිවරණයක් ඉවර වෙලා මාස ගානක් යද්දි ජනතාව ආණ්ඩුවට මතක හිටින පාඩමක් ඉගැන්නුවේ. යනුවෙන් පැවසීය.
රටට විශාල සේවයක් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේදි පරාජයට පත් වුණා. ඔහු සිටිය නම් රට මේ ආකාරයට වැටීමක් සිදුවන්නේ නැහැ. 2015 වසරේ දි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පරාජය මේ රටට වැදුණු හෙණයක්. වැඩි දුරටත් පැවසීය.