අග්‍රාමාත්‍යධූරය වෙනසක් කරන්නේ යයි පලවන සමාජ ජාල හා සමහර වාර්තා සම්බන්ධයෙන් අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශකර සිටියේ තමන් ද මෙවන් තොරතුරු දැනගත්තේ සමාජ ජාලා ඔස්සේ බවයි.
තමන් පාර්ලිමේන්තුවට පැමිණි දින පටන් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ගැටුම් ඇති බවට ඇතැමුන් පුවත් මවමින් සිටි බවත් මෙම මෙම පුවත් මැවීමද එහි තවත් එක් දිගුවක් පමණක් වන බවද රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් සඳහන් කළාය.
ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික ජන බලය වේගය දෙකක් නොව එකක් බවද පැවසුව ඇය කිසිදු බෙදීමක් තම කණ්ඩායම තුළ නැති බවත් මෙම අසත්‍ය තොරතරු විරුද්ධ පක්ෂ මගින් බෙදා හරින බවත් කියා සිටියාය.