රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (10) රාත්‍රියේ වීථී සංචාරය කිරීමට නියමිතයි.

හෙට (11) අලුයම දිය කැපීමේ මංගල්‍යයෙන් අනතුරුව ඇසළ උත්සවය නිම කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

බස්නායක නිළමේතුමන්ගේ සම්ප්‍රාප්තියෙන් අනතුරුව දේවාභරණ රැගත් කරඬුව ප්‍රධාන හස්තිරාජයා වන ‘වාසනා’ මත වඩා හිඳුවා පෙරහැර ඇරඹූන අතර නැටුම් අංග රැසකින් අංග සම්පූර්ණ වූ පෙරහැර මංගල්‍යයට අලි ඇතුන් ද විශාල ප්‍රමාණයක් සම්බන්ධ විය.