වත්තල, කෙරවලපිටියේ රත්නාවලී විහාරස්ථානය අසලදී බෞද්ධ දසසිල්මාතාවකට අශෝභන ලෙස හැසිරෙමින් වාචිකව බැණ වැදුණු ආකාරය දැක්වෙන ඉරිදා (2) රාත්‍රියේ සිදු වූ සිදුවීමකට අදාල වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල වෛරල් වී තිබූ අතර ඒ සම්බන්ධව චෝදනා එල්ල වී සිටින වයස අවුරුදු 58 සහ 67 ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනාම අද (3) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.