දකුණු කොරියානු පොලිසිය සංක්‍රමණික සේවකයින්ට එරෙහි අපයෝජන සම්බන්ධයෙන් දින 100 ක විශේෂ මර්දන වැඩසටහනක් දියත් කරන බව කොරියානු ජාතික පොලිස් ඒජන්සිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්ථා කර ඇත.

විදේශීය සේවකයින් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩත්වය, පහරදීම, සිරගත කිරීම, බලහත්කාරය, නින්දාව, ලිංගික අපයෝජන සහ ශ්‍රම සූරාකෑම පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා ජාතියේ ප්‍රාදේශීය පොලිස් ආයතන 18 න් සෑම එකක්ම නොවැම්බර් 25 වන දින දක්වා ක්‍රියාත්මක වන විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අකර ඒවා මගින් විශේෂ විමර්ෂණ හා වැටලීම් සිදුකරනු ඇත.

ශ්‍රී ලාංකික සේවකයෙකු ෆෝක්ලිෆ්ට් එකකට බැඳ බිමෙන් එසවීම පෙන්වන වීඩියෝවක් සම්බන්ධයෙන් රට පුරා ඇති වූ නොසන්සුන්තාවය පසුව මෙම මුලපිරීම සිදු විය.