කොටහේන වැනි සිදුවීම් අපට මතුකර පෙන්වන්නේ සමාජයක් විදිහට අපි සෑහෙන්න අසමත් බවත්, හිටපු මෙන්ම වත්මන් පාලකයින් සියලු දෙනා මෙවැනි සිදුවීම් වලට වගකීම භාරගතයුතු බවත් සමාජ පරිහීම මෙමගින් ඉස්මතුවන බවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි සිදුවීම් වාර්තා වූ විට කටයුතු කිරීම සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, පොලීසිය සහ ජාතික ළමාරක්ෂණ හා ආරක්ෂණ අධිකාරිය යනාදී ආයතනවල ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා යාන්ත්‍රණයක් ලගදී හඳුන්වා දෙන්නෙමු.

කොටහේන ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි දැරිය අපයෝජනයට ලක් වූ කාලය තුළ අධ්‍යාපනය ලැබූ පාසලේ විදුහල්පතිවරයාගෙන් ද, දරුවාට අපයෝජනය කළ ගුරුවරයාට එරෙහිව පියවර නොගැනීම සම්බන්ධයෙන් අදාල විදුහල්පතිවරයාගෙන් ද පැහැදිලි කිරීමක් ඉල්ලා තිබෙනවා,” යැයිද තවදුරටත් පැවසුවාය.