දශක කිහිපයක් මෙරටට පිළලයක්ව තිබූ මිනීමරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජයට පත් කර අදට වසර 16ක් සම්පූර්ණ වෙයි.
එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී ජිවිතක්ෂයට පත්විමත් සමග තිස් වසරක් පැවති බෙදුම්වාදී යුද්ධය අවසන් විය.
යුධ ජයග්‍රහණයට වසර 16ක් පිරීම සමරා ‘ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය’ හෙට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා පැවැත්වෙයි.
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවත් වේ.