හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව ඉවත් කිරීමට රජය ගත් තීරණයට විරෝධය පළ කරමින් රතුපස්වල තෙරිපහල සිරිධම්ම හිමියන් අද (08) දහවල් තංගල්ලේ කාල්ටන් නිවස ඉදිරිපිට පිහිටි ඩී.එස්. සේනානායක පිළිරුව ඉදිරිපිටදී පස්වරු 1.00 ට පමණ උපවාසයක් ආරම්භ කර තිබේ.
ජාතියට සේවය කළ හිටපු රාජ්‍ය නායකයෙකුගේ ආරක්ෂාව ඉවත් කිරීමට ගත් තීරණය පිළිගත නොහැකි බවත් එය ඔහුගේ ආරක්ෂාවට අවදානමක් ඇති කරන බවත් ප්‍රකාශ කරන සිරිධම්ම හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මෙන්ම අනෙකුත් හිටපු ජනාධිපතිවරුන්ටද ආරක්ෂාව නැවත ලබා දෙන ලෙස ඉල්ලා ඇති බව වාර්තා වේ. බලධාරීන් ඉවත් කළ ආරක්ෂක විධිවිධාන නැවත ලබා දෙන තුරු තම උපවාසය දිගටම කරගෙන යන බවට උන්වහන්සේ ප්‍රකාශ කර ඇත.
මහින්දට ආරක්ෂාව ඉල්ලා හිමිනමක් උපවාසයක් ආරම්භකරයි.
By