හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ හා නලින් ප්‍රනාන්දු බරපතල වැඩ ඇතිව බන්ධනාගාර ගත කිරීමෙන් පසු බන්ධනාගාර මුද්‍රණ අංශයේ සේවයේ යෙදවෙනු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරන අතර බන්ධනාගාර අධිකාරියා විසින් එම වැඩ පැවරීම සිදු කිරීමට නියමිතව තිබේ.
ඔවුන් මේ වන විටත් සිර දඬුවම් විඳින සිරකරුවන්ට නිකුත් කරන ජම්පරය ලබා දී ඇති අතර පැදුරක් සහ කොට්ටයක්ද හිමිව ඇත. එලෙසම ඔවුන්ගේ නම වෙනුවට සිරකරු අංකය පමණක් භාවිතා වෙයි.
මේ අතර මීට පෙර සිරදඬුවම් නියම් කරන ලද උතුරු මැද පළාතේ හිටපු මහ ඇමති එස්. එම්. රන්ජිත්ද බන්ධනාගාරයේ මුද්‍රණ අංශයේ වැඩ සඳහා යොමු කර තිබේ.