ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු දෙකක ට අදාළව අද දින (29) අධිකරණයේ පෙනී නොසිටිම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කරන ලෙස අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරන ලද බව වාර්ථා වේ.

ඉඩම් බෙදා දීමේ ජාතික වැඩසටහනට සහභාගී වී සිටින බැවින් තම සේවාදායකයාටඅද (29) දින අධිකරණයට පැමිණීමට නොහැකි වූ බව සැකකරා ජගත් මනුවර්ණගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර සැකකරුට එම වරෙන්තු නිකුත් කළා.