පෞද්ගලික ආරවුලක් මත දිවුලපිටිය, දූනගහ ප්‍රදේශයේ ඊයේ (17) රාත්‍රී කාලයේ තියුණු ආයුධ සහ පොලුවලින් පහර දී දිවුලපිටිය, මඩම්පැල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙක් ඝාතනය කර තිබෙනවා.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා දිවුලපිටිය රෝහට ඇතුළත් කිරීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.