සිය නිල එක්ස් ගිණුමට විශේෂ සුබපැතුම් පණිවුඩයක් එක්කරමින්, 72 වන ලෝක රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය නියෝජනය කිරීමට සූදානමින් සිටින අනුදිට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබපැතුම් එක්කර තිබෙනවා.
ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවුඩයේ දක්වා ඇත්තේ අනුදි ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙන දී ඇති බවයි.
72 වන ලෝක රූ රැජිණ තරගයේ අවසන් මහා තරගය අද (31) පස්වරුවේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි HITEX සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවැත් වීමට නියමිතයි.
අනුදිට ජනපති අකුදි සුභ පතයි
By