මධ්‍යම මියන්මාරයේ පැවති උත්සවයකට සහ විරෝධතාවයකට එල්ල වූ පැරමෝටර් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගොස් තවත් 47 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.

බෞද්ධ මූලයන් සහිත ජාතික නිවාඩු දිනයක් වන තඩින්ග්යුට් උත්සවය සඳහා සඳුදා සවස චෞන්ග් යූ නගරයේ 100 ක් පමණ රැස්ව සිටි අතර, මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන පැරග්ලයිඩරයක් මගින් සමූහයා මත බෝම්බ දෙකක් හෙළූ බව රජයට
විරෝධය දක්වන මහජන ආරක්ෂක බලකාය යටතේ සිටින ප්‍රාදේශීය නිලධාරියෙක් පැවසීය.

මෙම උත්සවය පවතින රජෙය් ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් ඉටිපන්දම් දැල්වීමේ උද්ඝෝෂණයක් ද විය.

2021 කුමන්ත්‍රණයකින් හමුදාව රාජ්‍ය බලය අල්ලා ගත් දා සිට මියන්මාරය සිවිල් යුද්ධයක පවතී. ගැටුමෙන් සිවිල් වැසියන් 5,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු කරයි.