බර ලෝහ මාලයක් පැලඳගෙන එම්.ආර්.අයි. පරීක්ෂණයට පෙනී සිටි 61 හැවිරිදි පුද්ගලයෙකු ඇමරිකානු වෛද්‍ය මධ්‍යස්ථානයකදී ඔහු කර බැඳි මාලය යන්ත්‍රය තුළට ඇද ගැනීමේ හේතුවෙන් මිය ගොස් තිබේ. නිව් යෝර්ක්හි ලොන්ග් අයිලන්ඩ් වෛද්‍ය මධ්‍යස්ථානයක එම්.ආර්.අයි. යන්ත්‍රය ක්‍රියාත්මක වීමෙන් ඊට පිවිසි පුද්ගලයෙකු මෙම අනතුරට භාජනය වී තිබේ. මේ පුද්ගලායාගේ බිරිඳ එම්.ආර්.අයි. ස්කෑන් පරීකෂණයක් සිදු කරගෙන ඇති අතර එය නිම වූ පසු දණහිසේ අසනීපයකින් සිටි ඇයට නැගී සිටීමට උපකාර කිරීමට ඇයගේ සැමියා වන මෙම පුද්ගලයාට පර්‍යේෂණ කාමරය තුළට අඬ ගැසීමෙන් අනතුරුව මෙම අවාසනාවන්ත සිදු වීම සිදුව ඇත.
එම්.ආර්.අයි යනු රෝගී තත්වයන් කිහිපයක් හඳුනා ගැනීම සඳහා භාවිතා කරන පරීක්ෂණයකි. එම්.ආර්.අයි. යන්ත්‍රයේ බැලූ බැල්මට රවුමක් වැනි දඟරයක් තිබෙන අතර සෙසු කොටස සාමාන්‍ය ඇඳක් මෙන් වේ. මේ ඇඳෙහි නිදා සිටින රෝගියා ඉහත කී රවුමක් වැනි කොටස වෙත යොමු කෙරේ. මෙකී රවුම තුළ ස්ථාවර චුම්භකයක් අඩංගු වන අතර එක් වරක් පමණක් යවන විද්යුත් ධාරාවක් මඟින් බල ගැන්වෙන මේ චුම්භකය රෝගියා වටා චුම්භක බල රේඛා නිර්මාණය කරන්නේ ය.
එය රූප පරීක්ෂණයක් වන අතර එයින් අදහස් කරන්නේ ශරීරය තුළ සිදුවන දේ සමීපව බැලීමට එය භාවිතා කළ හැකි බවයි. අස්ථි, මාංශ පේශි, මොළයේ ද්‍රව්‍ය, සන්ධි, ධමනි සහ තවත් බොහෝ දේ බැලීමට පරීක්ෂණය භාවිතා කළ හැකිය. එම්. ආර්. අයි යනු පවතින අවම හානිකර පරීක්ෂණ වලින් එකක් වන අතර නිවැරදි රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සැලසුම් කිරීමට ලොව පුරා වෛද්‍යවරුන් විසින් භාවිතා කරනු ලැබේ. විශේෂයෙන්ම ස්නායු පද්ධතිය සහ මොළය ආශ්‍රිත රෝගී තත්වයන් මෙමඟින් නිවැරදිව හඳුනා ගත හැකිය.
එම්. ආර්. අයි යන්ත්‍රයක් අත්‍යවශ්‍යයෙන්ම විශාල හා බලවත් චුම්බකයක් වන බැවින්, කාමරය තුළ ලෝහවලට ඉඩ නොදේ. එම නිසාවෙන් මෙම පර්‍යේෂණ කාමරයට පිවිසෙන සියලු දෙනා සියලු අභරණ ඉවත් කළ යුතුය.
ඇමෙරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය පෙන්වා දී ඇත්තේ සියලුම ලෝහමය උපකරණයන් සහ ද්‍රව්‍යන් ඇඳ ගැනීමේ හැකියාවක් යන්ත්‍රය සතු බවයි. එම නිසාවෙන් යන්ත්‍රයට, රෝගියාට , සහ වෛද්‍ය වරුන්ට මෙය හානිකර ලෙසින්ද බලපානු ලබයි. 2001 වසරේදී නිව් යෝර්ක්හි වෛද්‍ය මධයස්ථානයේ එම්.ආර්.අයි. කාමරයේ තිබූ ඔක්සිජන් ටැංකිය ඇද ගැනීම නිසාවෙන් පුද්ගලයෙකුගේ හිස් කබල පුපුරා මිය ගොස් ඇත.
MRI යන්ත්‍රය රෝගියෙක් ගිල ගනී
By