ත්‍රිකුණාමලයේ මහජන සෞඛ්‍ය අංශයේ සේවය කරන මුස්ලිම් කාන්තාවන්ට හිමි ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් කඩකිරීම සම්බන්ධව වහාම මැදිහත් වී ආරක්ෂා කරන ලෙස සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ (ACMC) නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ඉල්ලා තිබේ.
නැගෙනහිර පළාතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් මුස්ලිම් කාන්තා සෞඛ්‍ය සේවිකාවන්ට රාජකාරියේ යෙදී සිටියදී හිජාබ් පැළඳීමෙන් වළකින ලෙස උපදෙස් දෙමින් නිකුත් කර ඇති බවට වාර්තා වන බවත් එම නියෝග පිළිබඳව මැදිහත් වන ලෙස ඉල්ලමින් අමාත්‍යවරයා වෙත යොමු කරන ලද ලිපියක ඔහු තම කනස්සල්ල පළ කර තිබේ.
මුස්ලිම් කාන්තාවන්ගේ හිජාබය පැළීඳීමේ අතිවාසිකම් ආරක්ෂා කරන මෙන් රිෂාඩ් බදුර්දීන් ඉල්ලයි.
By