ප්‍රධාන එන්ජින්වල ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 100 ක් පමණ දකුණින් ආපදාවට ලක් වූ MV INTEGRITY STAR වෙළඳ නෞකාවේ කාර්ය මණ්ඩලය බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුදුර නෞකාව සමුද්‍රීය සෙවීම් සහ මුදාගැනීමේ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණය යටතේ 2025 ඔක්තෝබර් 24 වන දින සිට ගලවා ගැනීමේ මෙහෙයුම ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.

ඉන්දියානු, තුර්කි සහ අසර්බයිජානියානු ජාතිකයන්ගෙන් සමන්විත ආපදාවට ලක් වූ නෞකාවේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනාට සහාය වීම සහ බේරා ගැනීම සඳහා සමුදුර නෞකාව යොදවා තිබුණි.