අද දින මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන ආයතන 164 කට වැඩි ගණනක ප්‍රධානීන්ගේ නම් ගැසට් කර ඇත.
මෙයට දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නගරාධිපති ලෙස ඩී.පී. ශාන්ත සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ලෙස ඒ.එච්. අරෝෂ ඇතුළත් වේ.
කොළඹ මහ නගර සභාව ඇතුළුව පළාත් පාලන ආයතන 170 කට වැඩි ගණනක නම් තවමත් ගැසට් කර නොමැත.
නම් ගැසට් කර නොමැති පළාත් පාලන ආයතන බොහොමයක් කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් ලබාගෙන නොමැති ඒවා වේ.
පළාත් පාලන ආයන ප්රධානීන් ගැසට් කරයි
By