ආනයනකරුවන් බලාපොරොත්තු වූ ආකාරයට වාහන ඉල්ලුමක් නොමැතිවීම මත මෝටර් රථ මාදිලි කිහිපයක් එනම් ප්‍රධාන වශයෙන් ටොයොටා සමාගම නිෂ්පාදනය කරන ඇක්වා රථය සහ ප්‍රියස් මෝටර් රථ මෙරටට ආනයනය නවත්වා දමා ඇති බව වාර්තා වෙයි.

එම මෝටර් රථ නව බදු අනුපාත යන්තේ ඉතා ඉහල මිලක් නියම වීම මත වාහන ආනයනකරුවන් එම වාහන ආනයනය මේ වන විට අත්හිටුවා ඇත.

මධ්‍යම පාන්තික ජනතාවගේ වාහන ඉල්ලුම වැඩි විශාල වශයෙන් පහත බැස ඇත්තේ විශාල බදු අනුපාත හේතුවෙන් වාහන මිල ඉතා අධික අගයක් ගැනීම මතයි.

කෙසේ නමුත්, මිල එතරම් නොසලකන ධනවත් සමාජ කණ්ඩායම් විසින් වාහන සාමාන්‍ය පරිදි මිලදී ගන්නා බැවින් සුඛෝපභෝගි මෝටර් රථය වැඩි වශයෙන් ආනයනය කරමින් සිටින බවද ආනයනකරුවන් කියා සිටිති.

ආනයනකරුවන්ද වැඩි අලෙවියක් සහිත වාහන ආනයනයට වැඩි නැඹුරුතාවයක් දක්වමින් සිටින අතර මධ්‍යම පාන්තිකයන් වැඩි වශයෙන් භාවිතා කරන වාහන ආනයනයට වැඩි එතරම් උනන්දුවක් නොදක්වති.