වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා සභා රැස්වීමට යමින් සිටි ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මාධ්‍ය ඒකකය පැවසීය.

පැහැර ගන්නා ලද ජාතික ජන බලවේගයේ සාමාජිකයින් දෙදෙනා නැවත ගෙන්වා ගන්නේ නම් පමණක් සභා රැස්වීම නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බවට සභා රැස්වීමේදී පැවසීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්වයක් ඇති වී ඇති බව එම ඒකකය පැවසීය.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා ඡන්ද විමසීම අද පැවැත්වීමට නියමිතව තිබුණි.


- ඩේලි මිරර්