2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වී සිසුන් 237,026ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබාගෙන ඇති බවත් සියලු ම විෂයයන් අසමත් සිසුන් සියයට 2.4ක ප්‍රතිශත අගයක් ගන්නා බවත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසනවා.
අද (11) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ දී අන්තර්ජාලයට මුදා හැරුණු ප්‍රතිඵල බාගත කරගත හැකි බවයි.
විෂයයන් 09ට A සාමාර්ථ 09ක් ලබාගත් සිසුන් සංඛ්‍යාව 13,392ක්. වන අතර එය සියයට 4.15කි.
සාමාන්‍ය පෙළ විභාගය සාධන පරීක්ෂණයක් බැවින් පළාත් මට්ටමින් පළමු, දෙවැනි හෝ තුන්වැනි ස්ථාන ඉදිරිපත් නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
කිසිදු දරුවෙකු දුක් නොවන ලෙසත්, අසමත් දරුවන් හට නැවත වරක් කැපවීමෙන් උත්සාහ කරන ලෙසත්, සමත් දරුවන් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමට කැප විය යුතු බව ද විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (2025) විභාගය නොවැම්බර් 10 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ, 2025 සාමාන්‍ය පෙළ විභාගය 2026 වසරේ පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි.
2025 උසස් පෙළ මෙම වසරේ නොවැම්බර් හා 2025 සාමාන්‍ය පෙළ 2026 පෙබරවාරි.
By