2025 ජූනි මාසයේදී, ලෝකයේ විශ්වාසනීයතම ඉංග්‍රීසි ශබ්දකෝෂය ලෙස සැලකෙන ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි ශබ්දකෝෂය (Oxford English Dictionary – OED) වෙත ශ්‍රී ලාංකීය සංස්කෘතියට අදාල වචන 10ක් නව වශයෙන් ඇතුළත් කිරීමක් සිදු විය.


මෙමගින් ශ්‍රී ලංකාවේ භාෂාව, කෑම සංස්කෘතිය, සංගීතය සහ සමාජ සංස්කෘතිය ලෝකයේ පුරා භාවිත වන ඉංග්‍රීසි භාෂාවට ලබා දෙන බලපෑම හා වැදගත්කම තහවුරු කරන අතර ඒම වචන ඒයාකාරයෙන්ම භාවිතා කිරීමට හැකිවේ.


අ්ද්දුමෙන් වටලප්පන් දක්වා


අලුත් වචන 10 අතර "අස්වැද්දුම" (asweddumize) වචනය, භාවිතයට නොගත් ඉඩම් වගා කටයුතු සඳහා සූදානම් කිරීම යන අර්ථයෙන් ඇතුළත් වී ඇත.


එසේම, "අවුරුදු" (Avurudu/Awurudu) වචනය, සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිරූපණය කරමින්, වසන්තයේ සිදුවන ශ්‍රී ලාංකීය උත්සවයක් ලෙස විස්තර කෙරේ.


ජනප්‍රිය සංගීත ව්‍යාපාරයක් වන "බයිලා" (baila), සංගීතමය රටාවක් වන "පපරේ" (papare), සාරිය අදින ක්‍රමයක් වන "ඔසරි" (osari) වැනි වචනද මෙහි ඇත.


කෑමවලින් "කිරිබත්" (kiribath), "කොත්තු රොටී" (kottu roti), "මැල්ලුම්" (mallung), "වටලප්පන්" (watalappam) වැනි වචනද ඇතුළත් වී තිබේ.


අවසන් වචනය වූයේ "වලව්ව" (walawwa) වන අතර එය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිවෙස් සහ මන්දිරයන් සම්බන්ධව භාවිත වන වචනයකි.


සාක්ෂියෙන් උපන් විශ්වාසය


ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය වචන නව ලෙස ඇතුළත් කිරීමේදී, වචනයක් ලැයිස්තුගත කිරීම සදහා එය වසර ගණනාවක් පුරා විවිධ මාධ්‍යවල, සාහිත්‍ය කෘතිවල, සමාජ මාධ්‍යවල සහ විද්‍යාත්මක ලේඛනවල ව්‍යාප්තව භාවිත වූ බවට නිරීක්ෂණ සාක්ෂි රැස් කරයි.


මෙම වචන 10 ඇතුලත් කිරීමේදීද ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ පර්යේෂකවරුන් විසින් සිදුකරන ලද ගැඹුරු විශ්ලේෂණයක ප්‍රතිඵලයක් ලෙස ඒවා ඇතුළත් කර ඇත.


ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ජාත්‍යන්තර ප්‍රතිරූපය


මෙම වචන ඇතුළත් වීම ශ්‍රී ලංකාවට භාෂාමයව වඩාත්ම වැදගත් ජයග්‍රහණයකි. ජාත්‍යන්තර භාෂා වේදිකාවක, ශ්‍රී ලාංකීය සංස්කෘතිය, කෑම, සංගීතය, ඇඳුම් සහ උත්සව සංකල්ප දැක්වීමෙන්, ලෝකයේ විවිධ වෙවෙනස්ම් වලට ලංකාව ලබා දෙන දායකත්වය තවත් එක් වරක් පෙන්වා දී ඇත.


ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය පවසන්නේ:

"අපගේ මෙහෙවර වන්නේ, භාෂාව කෙසේ වෙතත් වර්ධනය වුවද, එහි සියලුම වචන සහ භාවිතයන් වාර්තා කර තබා ගැනීමයි."


ඒ අනුව, ලංකාවේ වචන, සංස්කෘතික වටිනාකම් හා ජීවිත රටාවන් විශ්වයම පිළිගනිමින් පවතින මෙම ශබ්දකෝෂය තුළ වාර්තා වීම, සංස්කෘතිකමය මහා අවස්ථාවක් නොවෙයිද?