2025 යල කන්නය සඳහා අස්වැන්න නෙළීම තවමත් සිදුවන පොළොන්නරුව, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය ඇතුළු දිස්ත්‍රික්කවලින් වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රජය රුපියල් මිලියන 6,000 ක් වෙන් කර ඇති අතර, වී අලෙවි මණ්ඩලය දැනටමත් දිස්ත්‍රික්ක 16 ක වී මෙට්‍රික් ටොන් 43,891 ක් මිලදී ගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 5,288 ක් වැය වී ඇත.
ඒ අනුව, 2025 යල කන්නයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීම රජයේ ස්ථාවර මිල යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා අමතර ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රජය රුපියල් මිලියන 6,000 ක් වෙන් කරයි
By