මෑතකදී අත්අඩංගුවට ගත් "කෙහෙල්බද්දර පද්මේ" ලෙස හඳුන්වන පාතාල ක්‍රියාකාරක පද්මේ සමඟ ඇති බවට චෝදනා එල්ල වන සම්බන්ධතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් හංසමාලිගෙන් ප්‍රශ්න කර ඇති බවට මාධ්‍ය වාර්තාවල සඳහන් වන අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු සමඟ තමාට කිසියම් සම්බන්ධයක් ඇති බවට කරන ලද ප්‍රකාශයන්, නිළියක් සහ ව්‍යවසායකාවක් වන පියුමි හංසමාලි ප්‍රතික්ෂේප කර තිබේ.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් ඇය පැහැදිලි කළේ, 2022 මාර්තු මාසයේදී ඩුබායි හි පැවති අලුත් අවුරුදු උත්සවයකදී කෙහෙල්බද්දර පද්මේව මුණගැසුණේ එක් වරක් පමණක් බවත්, එම හමුවීම අහම්බෙන් සිදු වූ බවත්ය.

"මම මුලින්ම මේ පුද්ගලයාව ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ එම උත්සවයේදී දුටුවෙමි. ඔවුන් මා සමඟ ඡායාරූපයක් ගත්තා. ඔහුට පැහැපත් හා හම සුදු කරගෙන ආකර්ශනීය වීමට කැමති බව සඳහන් කල අතර ඒ සඳහා මම ඔහුට මගේ පියුමි නිෂ්පාදන භාවිතා කරන ලෙස පැවසුවා," ඇය ලියා ඇත. පද්මේ දැන් ඉතා ආකර්ශනීය පෙනුමක් ඇති බැවින්, ඇගේ නිෂ්පාදන භාවිතා කර ඇති බවත් හංසමාලි පැවසා ඇත.

පද්මේ සමඟ ඇය කිසි විටෙකත් කිසිදු මූල්‍ය ගනුදෙනුවකට සම්බන්ධ වී නොමැති බව හංසමාලි අවධාරනය කළාය.

"CID එක ඇහුවා මම එයා එක්ක කිසිම මූල්‍ය ගනුදෙනුවක් කරලා තියෙනවද කියලා - කවදාවත් නැහැ! මට මත්ද්‍රව්‍ය මුදල්, නීති විරෝධී මුදල් හෝ කළු සල්ලි අවශ්‍ය නැහැ. මම මගේ ව්‍යාපාරය වන පියුමි ස්කින් ප්‍රයිවට් ලිමිටඩ් ගොඩනඟා ගත් ස්වාධීන කාන්තාවක්," ඇය පැවසුවාය.

ඇය පාතාලයට කිසිදු සම්බන්ධයක් නොමැති බව පවසමින්, "මම ඒ දේවල් වලට බයයි - මට නිකරුණේ වෙඩි පහරකින් මැරෙන්න අවශ්‍ය නැහැ" යනුවෙන් පැවසුවාය.

ඕනෑම කෙනෙකුට "පැහැපත් හා ලස්සන වීමට" ඇගේ සම ආරක්ෂණ නිෂ්පාදන භාවිතා කළ හැකි බව ඇය නැවත අවධාරණය කළාය.