මෑත මාසවලදී, ලිංගික අපයෝජන සහ පොලිස් විනයට අහිතකර හැසිරීමේ සිට පුද්ගලික වාසි සඳහා නිල තනතුරු අනිසි ලෙස භාවිතා කිරීම සහ අල්ලස් ගැනීම වැනි වෙනත් දූෂිත ක්‍රියාකාරකම් දක්වා චෝදනා යටතේ නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ලිංගික අපයෝජන, අපකීර්තිමත් හැසිරීම් සහ දූෂිත ක්‍රියාවන් ඇතුළු පොලිස් නිලධාරීන් සම්බන්ධ බරපතල උල්ලංඝනයන් මාලාවක් හේතුවෙන් පොලිස් සේවය වේගයෙන් පිරිහීමට හා අපකීර්තියට ලක්වන බවත් පවසන වැඩබලන පොලිස්පති, වැරදිකරුවන් වන ඕනෑම නිලධාරියෙකුට එරෙහිව දැඩි විනය පියවර ගන්නා ලෙස නියෝග කර ඇත.

ආසන්නතම සිද්ධීය ලෙස වල්ගම ප්‍රදේශයේ ස්පා එකක විෂමාචාරය සම්බන්ධයෙන් මාතර පොලිස් කොට්ඨාශය තුළ පිහිටි ස්ථානවලට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීම පෙන්වාදන ඔහු පොලීසියේ විනය පවත්වාගෙන යෑමේ වැදගත්කම අවධාරනය කරයි.