පොලිස්පති ධුරය සඳහා මේ වන විට හයකොන් සටනක් නිර්මාණය වී ඇති බවට මාධ්‍ය වාර්ථා කර ඇති අතර ඒ අනුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනෙකු අතර උද්ගත වී ඇති තරගකාරී තත්ත්වයක් පිළිබඳව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.

තරගයට එක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක , සංජීව ධර්මරත්න, රන්මල් කොඩිතුවක්කු , කිත්සිරි ජයලත් සහ රාජිත ශ්‍රී දමින්ද යන මහත්වරුන් කියවේ.

වාර්තාවලට අනුව, ඇතැම් නියෝජ්‍ය පොලිස්පතිවරුන් බලගතු දේශපාලනඥයන් සහ ආගමික නායකයන් හරහා පොලිස්පති ධුරය ලබා ගැනීමට දැඩි උත්සාහයක නිරතව සිටින බවත් වාර්ථා වේ.