පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.වුට්ලර් මහතා උපුටා දක්වමින් මාධ්‍ය වාර්ථා කලේ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු පළා යාමේ සිදුවීමක් හේතුවෙන් රත්නපුර මූලස්ථාන පොලීසියේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රත්නපුර පොලිස් ස්ථානයට භාර දී තිබු අතර ඊයේ (30) දින සැකකරු වැසිකිලි යාමට ඉල්ලා සිටි බවත් ඒ සඳහා සිරමැදිරියේ දොර විවෘත වූ පසු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවත් වැඩි දුරටත් වාර්ථා කර ඇත. පලා ගිය සැකකරු රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු පානදුරයේ සිදුවූ වෙඩි තැබීම් සිද්ධි කිහිපයකට ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු ලබා ගෙන ඇත. පලාගිය සැකකරුවා අත්තඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ද යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත.
පොලිස් ඇසට වැලි ගසා සැකකරුවකු පැන යයි.
By