නීති විරෝධී වාහන වෙනස් කිරීම් සහ අනාරක්ෂිත රිය පැදවීමේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය සැප්තැම්බර් 8 වන දින සිට රට පුරා දැඩි සෝදිසි කිරීම් ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේය.

නව මෙහෙයුම යටතේ, මෝටර් රථ ප්‍රවාහන පනත සහ අදාළ රෙගුලාසිවලට අනුකූල වීම සහතික කිරීම සඳහා නිලධාරීන් දිවයින පුරා පරීක්ෂාවන් පවත්වනු ඇත. ඒහිදී ගමන් කිරීමට නුසුදුසු තත්ත්වයේ වාහන ධාවනය කිරීම, අනවසර වර්ණ වෙනස් කිරීම්, බහු-වර්ණ අලංකාර ලයිට් සවි කිරීම, ශබ්දය වැඩි කරන ලද හෝන් භාවිතා කිරීම සහ වාහනවල රූප හෝ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීම ඇතුළත් වන බව වාර්ථා වේ.