ඊයේ උදෑසන අනුරාධපුර පොලිසියේ පොලිස් සිර මැදිරියෙන් සැකකරුවෙකු පැන යාමෙන් පසු උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කරන ඇත.

උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් ස්ථානයේ සමස්ත රාජකාරි භාරව සිටි අතර සැරයන්වරයා රක්ෂිත රාජකාරියේ යෙදී සිටියේය.

මාතලේ සමගිපුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි සැකකරු අඟහරුවාදා (07) පුද්ගලයෙකුට පහරදීමක් සහ රුපියල් 30,000 ක කොල්ලකෑමක් සහ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් තොගයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

බදාදා (08) උදෑසන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී ඔහු අඟහරුවාදා රාත්‍රියේ අත්අඩංගුවෙන් පලා ගොස් තිබුණි.