මාධ්‍ය වාර්තාවලට අනුව, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට (SDIG) එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ ජාතික පොලිස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇත.
පොලිස්පතිවරයා විසින් එම නිලධාරියාට එරෙහිව විනය ක්‍රියාමාර්ග සහ ස්ථාන මාරුවක් ඉල්ලා ඇති බව වාර්තා වන අතර, එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඉහළ පොලිස් නිලධාරීන් පිළිබඳ රහස්‍ය අභ්‍යන්තර ලේඛන සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය වෙත කාන්දු කළ බවට චෝදනා එල්ල වී ඇත.
කුරුණෑගල ප්‍රදේශයේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ ජේ.නි. පොලිස්පති සම්බන්ධ බව කියන ශ්‍රව්‍ය පටයක් සාක්ෂි ලෙස පොලිස් කොමිසමට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකාරිනියගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ප්‍රශ්න කිරීම සඳහා කැඳවීමට නියමිතය.
-Newswire
පොලිස්පති විසින් ජේ.නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට එරෙහිව CID යට පැමිණිල් කරයි
By