නව අපරාධ විමර්ශන කොට්ඨාසයක්, උතුරු මැද පලාත වෙනුවෙන්, අනුරාධපුර පොලිස් ස්ථානය තුළ  ඊයේ (08) දින මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු භාර අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ හා වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළේ ය. 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරිම වෙනුවෙන් පලාත් මට්ටමින් ආරාධ විමර්ශන කොට්ඨාස ආරම්භ කිරිමට කැබිනට් මණ්බලය විසින් ලබාදී ඇති අනුමැතියට අනුව පළමු පියවර ලෙස  උතුරු මැද පළාත තුළ මෙලෙස කාර්යාලයක් ආරම්භ කරන ලද බව මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය . 

මෙම කොට්ඨාසය ආරම්භ කිරිමෙන් පසුව ප්‍රාදේශීයව ජනතාවට වඩාත් පහසුවෙන් තම පැමිණිලි ඉදිරිපත් කිරිමේ හැකියාව මෙයින් උදාවන අතර මෙම සියලු කටයුතු පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ සිදු කෙරන බව ද ආනන්ද විජේපාල අමාත්‍යවරයා පැවසී ය.