නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමට අදාල වන රහසිගත ඡන්දය අද (07) සිස්ටීන් දේවස්ථානය තුළ දැඩි රහස්‍යභාවයෙන් යුතුව පැවත්වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නව පාප් වහන්සේ කෙනෙකු තීරණය කරන තෙක් කාදිනල්වරු තමන්ගේ කැමැත්ත පවතින අපේක්ෂකයාට ඡන්දය දීම අඛණ්ඩව සිදු කරන අතර නව පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමෙන් අනතුරුව එම දේවස්ථානයේ දුම් කවුලුවෙන් සුදු දුමාරයක් නිකුත් විය යුතු වනවා.
දැනට සිටින කාදිනවල්වරුන් අතරින් මෙලෙස නව පාප්වහන්සේ තෝරා ගැනීම සිදුවන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
අලුත් පාප් වහන්සේ කෙනෙක් තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද ඇරඹේ
By