සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු පත්කිරීම ඇතුලුව සභාවේ කටයුතු අද දින බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර පළමුව සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ආරම්භ විය.
එහිදී, ඡන්දය පවත්වන ආකාරය රහස් ඡන්දයක් ලෙස හා විවෘත ඡන්දයක් ලෙස පැවැත්වීම පිළිබඳව යෝජනා දෙකක් ඉදිරිපත් විය.
ඒ අනුව, තීරණය ගැනීමේ බලය කොමසාරිස්වරියට ඇති බැවින්, ඇය ඡන්දය රහස් ඡන්දයක් ලෙස පැවැත්වීමට තීරණය කළ අතර ඇයගේ තීරණයට විරෝධය පළ කරමින් සභිකයින් 24 දෙනෙකු සභා ගර්භයෙන් පිටව ගියහ.
එලෙස කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සභාවේ ඝන පූර්ණය නොමැති වූ බැවින්, කොමසාරිස්වරියට සභාව විනාඩි 30කට කල් තැබීමට සිදුවිය. තත්වය දිගටම එලෙස පැවති අතර ඒ අනුව සීතාවක ප්‍රාදේශීය සභා රැස්වීම දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදුවිය.
එම නිසා, අද දින සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කිරීමේ කටයුතු සිදු නොවීය