වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට පෙර ප්‍රකාශ කළේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන බවයි. ඒ අනුව යම්න් ආණ්ඩුව විසින් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සූදානම් වන බවට ආරංචි මාර්ගවලින් තොරතුරු ලැබී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කිරීමක් හෝ ඊට අදාළ මූලික කටයුතු මේ වනතෙක් සිදුවී නොමැති වාතාවරණයක්තුල ජනාධිපති ධූරය අහෝසි කිරීමට කටයුතු කිරීම ගැටලුවක් බව විද්වතුන්ගේ මතයයි.
කෙසේවෙතත්, එවැනි තත්ත්වයක් යටතේ, ජනාධිපතිවරයා විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.