යාපනයේ සංචාරය අතරතුර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කච්චතිව් දූපතට ගියේය. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එහිදී ජනාධීපතිතුමා පැවසුවේ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට රජය කැපවී සිටින බවත් ස්වෛරීභාවයට කිසිදු හානියක් සිදු නොකරන බවත්ය.

දේශීය ධීවරයින්ගේ දිගුකාලීන ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඔවුන් හමුවීමට සැලසුම් කරන බව ජනාධිපතිවරයා සඳහන් කළ අතර, මෙම ගැටලුව සම්බන්ධයෙන් රජයේ තීරණවලදී ඔවුන්ගේ හඬ පිළිබිඹු වන බවට සහතික විය.