කැබිනට් තීරණ ප්‍රකාශයට පත් කිරීමේ සතිපතා මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙම තීරණය නිවේදනය කළේ, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කාලය සඳහා ඔහුගේ වැටුපෙන් 50% ක් ගෙවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවයි.

තුෂාර උපුල්දෙණියගේ සේවය අතිහිටුවා ඇති කාලයතුල බන්ධනාගාරයේ කටයුතු සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ලෙස පත් කර ඇත.