බූස්ස බන්ධනාගාර නිලධාරීන් විසින් අද අලුයම සිදුකරන ලද පරීක්ෂාවකදී බන්ධනාගාර පරිශ්‍රයට විසි කරන ලද ජංගම දුරකථන අටක් අඩංගු පාර්සලයක් සොයා ගෙන ඇත. එහිදී බන්ධනාගාරයේ විශේෂ ඒකක අංශය අසල කළු පාර්සලයක් සොයා ගත් අතර පරීක්ෂා කිරීමේදී එහි ජංගම දුරකථන අටක් ඇති බව සොයා ගෙන ඒවා අත්අඩංගුවට ගන්නා ලදී.

පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් රාජකාරියේ යෙදී සිටියදී බන්ධනාගාර පරිශ්‍රයට යමක් විසි කරනු දුටු අතර ඒ සම්බන්ධව අදාල බලධාරීන් දැණුවත් කර සිදුකරන ලද පරීක්ෂාවකදී මෙම ද්‍රව්‍ය සොයා ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය.