අනුරාධපුර බන්ධනාගාරයෙන් වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති සමාව යටතේ නිදහස් කළ පුද්ගලයා වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ හිටපු ලේකම්වරයෙකු යයි තොරතුරු වාර්තා වන බව සිය පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් අමතමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.
“වෙසක් එකට අනුරාධපුර හිර ගෙදරින් නිදහස් කළ පුද්ගලයෙක් ගැන කතා වෙනවා. ඒ පුද්ගලයා මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ හිටපු ලේකම් කෙනෙක්. සමහර කාලවලට අපි කියනවා වසන්තය කියලා. සමහර කාලවලට අපි කියනවා ගිම්හානය කියලා. ඒ මිනිහා තවමත් අත්අඩංගුවට ගන්නේ නෑ, වැරදි විදිහට නම් එළියට ඇවිත් තියෙන්නේ. සමහර විට දයාශාන්ත අයියා වගේ කෙනෙක් වෙන්න ඇති. එයාලට අත තියන්නේ නෑ. අනේ අර බන්ධනාගාර ඉහළ නිලධාරීන් හිරේ දානවා.”