බන්ධනාගාර බුද්ධි නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් සිදු කරන ලද ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී ශ්‍රී ලංකාවේ කුප්‍රකට අපරාධකරුවන් කිහිප දෙනෙකු රඳවා ඇති බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A, C සහ D වාට්ටුවලින් අද ජංගම දුරකථන 29 ක් සොයා ගන්නා ලද බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පැවසු අතර අත්අඩංගුවට ගත් දුරකථන ඉහළ අවධානයක් යොමුවන රැඳවියන් කිහිප දෙනෙකු රඳවා සිටින වාට්ටුවල තිබී සොයා ගත් බවත් ප්‍රකාශ කරන ලදි.
මරණ දඬුවම නියම වූ දෙමටගොඩ චමින්ද, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ සහ පාතාල නායකයෙකු වන ‘මිදිගම රුවන්’ යන අයගේ සිර මැදිරිවල තිබී ජංගම දුරකථන සොයා ගන්නා ලදී.
බූස්ස බන්ධනාගාරයේ සිරකරු වාට්ටුවල තිබී දුරකථන 29ක් සොයා ගනී.
By