වෙසක් පුර පසළොස්වක පෝය දිනය වෙනුවෙන් බන්ධනාගාරගත රැඳවියන් 388 දෙනෙකුට අද (12) දිනයේ විශේෂ රාජ්‍ය සමාවක් පිරිනැමීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වේ.

එලෙස සමාව හිමිවනුයේ කාන්තා රැඳවියන් 04ක් සහ පිරිමි රැදවියන් 384 දෙනෙකුට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

තවද වෙසක් පොහොය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් හමුවීම සඳහා මැයි මස 12 සහ 13 දිනවල අවස්ථාව සලසා දෙන බවයිද බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පැවසුවේ.