මූල්‍ය වංචාවකට වරදකරු වූ සැකකරුවෙකුට ජනාධිපති සමාව ලබා දීම සම්බන්ධයෙන් දැඩි මාධ්‍ය විවේචන ඇතිව ඇති අතර, රුපියල් මිලියන 4 ක් අවභාවිත කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු මූල්‍ය සමාගම් කළමනාකරුවෙකු නිදහස් කිරීම පැහැදිලි කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව,
නිශ්චිත සුදුසුකම් නිර්ණායක සපුරාලන සිරකරුවන්ට ලබා දෙන වාර්ෂික වෙසක් පෝය දින පොදු සමාව යටතේ නිදහස් කරන ලද සිරකරුවන් පිරිසක් අතර තිලකරත්න ද සිටින බව බන්ධනාගාර ප්‍රකාශක ගාමිණී බී. දිසානායක පැවසීය.
අදාල වරදකරුගේ දඬුවම් ව්‍යුහය සහ ඔහුගේ දඩය ලිහිල් කිරීම හේතුවෙන් සාමාන්‍ය මාර්ගෝපදේශ යටතේ පොදු සමාවාවක් සදහා සුදුසුකම් ලබා ඇති බව දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
අනුරාධපුර මහාධිකරණය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය යටතේ ඔහු වරදකරු කර ඇති අතර වන්දි වශයෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2 ක දඩයක් සමඟ අත්හිටවූ සිර දඬුවමක් ද ලබා ඇත. දඩය ගෙවීමට අපොහොසත් වීමෙන් මාස හයක දැඩි සිර දඬුවමක් නියම වන බව අධිකරණය තීන්දු කර තිබුණි.
කෙසේ වෙතත්, වෙසක් සමාව යටතේ, ඔහුගේ දඩය නිදහස් කරන ලද අතර, ඒ ුනුව ඔහුව කලින් නිදහස් කිරීමට හැකි විය.
මෙම නිදහස් කිරීම සම්මත නීතිමය ක්‍රියා පටිපාටි අනුගමනය කළ බවත් එය සුවිශේෂී හෝ දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය වූවක් නොවන බවත් දෙපාර්තමේන්තුව නැවත අවධාරණය කළේය.
පොදු සමාව යටතේ සිරකරුවකු නිදහස් කිරීම.
By